පෞර්ෂයට ආරය බලපාන්නේ කෙසේද?
පෞර්ෂය කෙරෙහි බලපාන සාධක රාශියක් පවතින අතර ඉන් ප්‍රධාන සාධකයක් ලෙස ආරය පෙන්වා දිය හැකිය. ආරය යනු පරම්පරාවෙන් පරම්පරාවට ගති ලක්ෂණ රැගෙන යාම හෝ උරුම වීමයි.ආරය පාරම්පරිකව රැගෙන යන්නේ ජාන මගිනි. පුද්ගලයෙකුගේ ශරීර ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට පුද්ගලයාට උරුම වන අතර මෙම ලක්ෂණ පුද්ගලයා විසින්ම විකෘති කර ගැනීමක් වර්තමාන සමාජ ක්‍රමය දෙස බැලීමේදී පෙනී යයි.කාන්තාවක් රූපලාවණ්‍යගාරයකට ගොස් හිසකෙස් වල වර්ණය වෙනස් කරගනිමින් සිදු කරන්නේ මෙම පරම්පරාවෙන් උරුම වූ ලක්ෂණ විකෘති කිරීමකි.ඇස් වලට සිවි කාච දැමීම තුළිින් සිදු වන්නේද මෙයමය.ශරීර ලක්ෂණ පමනක් නොව පාරම්පරිකව හැකියා උරුම වීමත් ආරයෙහි ප්රතිඵලයකි.නර්තන කුසලතා,ගායන කුසලතා,රංගන කුසලතා යනාදිය පියාගෙන් පුතාට හිමිවන්නේ ආරය යන සාධාකය හේතුවෙනි.මිල්ටන් මල්ලවආරච්චිගේ පුත් රනිල් මල්ලවආරච්චිට ගායනය පිහිටන්නේ ආරය නිසාය.එමෙන්ම මර්වින් පෙරේරාගෙන් අමල් පෙරේරාටත් අමල් පෙරේරාගෙන් නදීමාල් පෙරේරාටත් ගායනය පිහිටා ඇති නමුත් ඔවුන් ගායනය කරන විලාසයන් එකිනෙකට වෙනස් වන්නේ පෞර්ෂසමාසයෙහි ඇති ආවේණික ස්වභාවය නිසාය.ගායන හැකියාව මොවුන්ට ආරයෙන් හිමි වුවත් එය එකිනෙකට වෙනස් හැඩතලයක් ගන්නෙ පෞර්ෂය යන්න අනන්‍යතාවයකින් පෙලීම හේතුවෙනි.මෙහිදි පැහැදිලි වන්නේ ආරය පාරම්පරිකව යම් කෙනෙකුට පිහිටුවත් පෞර්ෂය ආවේණික ස්වභාවයක් ගන්නා බවත් පෞර්ෂය එකිනෙකාට අනන්‍ය බවත්ය.
-සමාධි මධුමාලි-

Comments
Post a Comment